Thursday, December 29, 2016

ඉංග්‍රිසි කදවුර 2016

2016 වර්ශයේ ඉංග්‍රිසි කදවුර විද්‍යාලයේදි පැවැත්විනි.





















ඉංග්‍රිසි දිනය 2015

වාර්ශික ඉංග්‍රිසි දිනය උත්සව අකාරයේන් පැවැත්විනි.





වාර්ශික ක්‍රිඩා උත්සවය

2016 ක්‍රිඩා උත්සවය විදුහල් ක්‍රිඩාංගනයේ දි අභිමානවත් ලෙස පැවත්විනි


ආධ්‍යාපන චාරිකා

2016 වසර තුල 6-9 ශේණි ලමුන් ත්‍රිකුණාමලය හා 2015 වසර තුල 6-9 ශ්‍රේනි ළමුන් නුවර ඒළියේ හා බදුල්ලේද, 10-13 ළමුන් ත්‍රිකුණාමලයේ ද ආධ්‍යාපන චාරිකා සදහා සහභාගි විය.













පාසල් ගීතය


සැරදේ.... සැරදේ..
සැරදේ සැරදේ විදුහල් මාතා
දස දෙස කිතුරැස් විහිදා

සැරදේ... සැරදේ....
විදුහල් මාතා 

විර විකුම් දස්කම් පෑ හෙළයේ
දේශ දේශ ජය ධජ නැගු හෙළයේ
ධිර විර ඔබේ නාමය සුදිලේ
ඔබ ගෙල බැදි සිසු මුතුහර අපි වේ...

සැරදේ... සැරදේ...
විදුහල් මාතා සැරදේ...

කලා අම්බරේ පෑ පුන්සද සේ
සුදිලෙනු මැන නිති කදුරැළි අතරේ
සකල කළා ශිල්පාදි පාදා
සංඝබෝධි විදුහල නිති බැබලේ...
සැරදේ... සැරදේ...
විදුහල් මාතා සැරදේ...

විදුහලේ ඉතිහාසය හා වර්ථමානය





1949 දෙසැම්බර් 31 වන දින මොරයාය සංඝබෝධි විද්‍යාලය ට සිසුවියන් 12 දෙනෙකු පාසලට ඇතුලත් කර ගැනිමෙන් මෙම විද්‍යාලය ආරම්භ කරන ලදි. මොවුන් ගේ මුල් ගුරුතුමා වුයේ මාතර සිට පැමිණ්iයා යැයි සලකන සුභසිංහ නම් ගුරුවරයෙකි. වර්තමානයේ මාර්ටින් වික්‍රමසිංහ ශාලාව නමින් හදුන්වන ගොඩනැගිල්ල අද මෙන්ම එදවසද උළු සෙවිලි කරන ලද්දකි. මුල් කාලයේ එහි පංති දෙක තුනකට වඩා නොවුනා සේම ගුරුවරුන් ද දෙතුන් දෙනෙකු වඩා නොවිය.

ආසන්නයේ පිහිටි මහියංගන බෝධිරාජයාණන් අභියසදි සිදුකළ සිරිසඝබෝ කුමාරයාගේ නම් තැබිමේ ක්‍රියාවලිය සිහි ගන්වමින් ය. මහා විද්‍යාලයක් ලෙස ආරම්භය වු සංඝබෝධිය රාජ්‍ය අනුග්‍රාහය යටතේ ක්‍රමයෙන් භෞතික හා මානව සම්පත්වලින් සංවර්ධනය වි අවට ප්‍රදේශවල දු දරුවන් ගේ ආධ්‍යාපන අවශ්‍යතා ඉටු කරන ද්විතියික පාසලක් බවට පත්ව ඇත. වතමාන සිසු සංඛ්‍යාව 576හා ගුරුවරුන් 37කින් සමන්විත වේ.

ආරම්භය කුඩා වුවද වතමානය වනවිට මෙහි ගොඩනැගිලි සංඛ්‍යාව 10ක් පමණ වේ.
මේ අකාරයෙන් සුසැදි සංඝබෝධි විදු මෑණියන් ඇගේ සිප් කිරෙන්පෝෂණය ලැබ ගුණ නැණ බලෙන් සන්නද්ධව දේශ දේශාන්තරව සමාජ සේවාවන්හි නියැලෙන්න බොහෝය. ඒ අතර දේශපාලකයන්, මහාචාර්‍යවරුන් , ගණකාධිවරුන්, වෛද්‍යවරුන් හා විද්‍යාර්ථ්යින් ද පමණක් නොව කලාකරුවන් , ලේඛකයන් සේම රටේ එකිය භාවයට හා සුරක්ෂිතාවය වෙනුවෙන් දිවිදුන් දු පුතුන් රැසක් මේ පාසල් මැණියන් ලක්මැණිට දායාද කර ඇත.