Thursday, December 29, 2016

විදුහල ගැන



විදුහල ගැන

මිණිපේ ගොවි ජනපද වියාපාරය කේන්ද්‍ර කොටගත් මිණිපේ ආධ්‍යාපන කොට්ඨාශයේ ජිවත් වන්නන් බහුතරයක් ගොවි ජනතාවයි. මෙහි සිංහල මාධ්‍ය පාසල් පමණක් පවතින අතර කොට්ඨාශයේ මුළු පාසල් සංඛායාව 24ක් වේ.

දිගු කාලින ඉතිහාසයකට හිමිකම් කියන මිණිපේ ආධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා ඇති මොරයාය නම් ග්‍රාමය ද එවැනිම ඉතිහාසයකට හිමිකම් කියන්නකි. වර්ශ 1938 ඉංග්‍රිසි පාලන සමයෙහි එච්.බී රඹුක්වැල්ල දිසාවේතුමා ගේ මගපෙන්විම යටතේ එවකට කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ඩී.ඇස් සේනානයක මැතිදුන් ගේ මුලිකත්වයෙන් ගොඩනැගුනු මිණිපේ ගොවි ජනපද වියාපාරයේ පළමු පියවරෙහි ආරම්භක ග්‍රාමයක් ලෙස මොරයාය හැදින්විය හැක.

හසලක - මහියංගන මාර්ගයේ පාලම්හංදියෙන් ඉදිරියට දිවෙන රන්දෙනිගල මාර්ගයේ කි.මි 4ක් පමණ දුර ගමන් කළ විට මොරයාය ගම් පියස දැකිය හැකිය. ගොවිතැනින් දිවිසරු කරගන්නා අවිහිංසක ගැමියන් ගේ පහස ලද මේ ගම් පියස මධ්යේහි සංඝබෝධි දිවිතියික පාසල පිහිටා තිබේ. එය අක්කර 09කට ආසන්න වු භුමි ප්‍රමාණයකින් සමන්විත වුවකි.

1949 දෙසැම්බර් 31 දින මෙම විදුහල ආරම්භ විය.

No comments:

Post a Comment