2016 වර්ශයේ ඉංග්‍රිසි කදවුර විද්‍යාලයේදි පැවැත්විනි.
Thursday, December 29, 2016
ආධ්‍යාපන චාරිකා
2016 වසර තුල 6-9 ශේණි ලමුන් ත්‍රිකුණාමලය හා 2015 වසර තුල 6-9 ශ්‍රේනි ළමුන් නුවර ඒළියේ හා බදුල්ලේද, 10-13 ළමුන් ත්‍රිකුණාමලයේ ද ආධ්‍යාපන චාරිකා සදහා සහභාගි විය.
පාසල් ගීතය
සැරදේ.... සැරදේ..
සැරදේ සැරදේ විදුහල් මාතා
දස දෙස කිතුරැස් විහිදා
සැරදේ සැරදේ විදුහල් මාතා
දස දෙස කිතුරැස් විහිදා
සැරදේ... සැරදේ....
විදුහල් මාතා
විර විකුම් දස්කම් පෑ හෙළයේ
දේශ දේශ ජය ධජ නැගු හෙළයේ
ධිර විර ඔබේ නාමය සුදිලේ
ඔබ ගෙල බැදි සිසු මුතුහර අපි වේ...
දේශ දේශ ජය ධජ නැගු හෙළයේ
ධිර විර ඔබේ නාමය සුදිලේ
ඔබ ගෙල බැදි සිසු මුතුහර අපි වේ...
සැරදේ... සැරදේ...
විදුහල් මාතා සැරදේ...
විදුහල් මාතා සැරදේ...
කලා අම්බරේ පෑ පුන්සද සේ
සුදිලෙනු මැන නිති කදුරැළි අතරේ
සකල කළා ශිල්පාදි පාදා
සංඝබෝධි විදුහල නිති බැබලේ...
සුදිලෙනු මැන නිති කදුරැළි අතරේ
සකල කළා ශිල්පාදි පාදා
සංඝබෝධි විදුහල නිති බැබලේ...
සැරදේ... සැරදේ...
විදුහල් මාතා සැරදේ...
විදුහල් මාතා සැරදේ...
විදුහලේ ඉතිහාසය හා වර්ථමානය
1949 දෙසැම්බර් 31 වන දින මොරයාය සංඝබෝධි විද්‍යාලය ට සිසුවියන් 12 දෙනෙකු පාසලට ඇතුලත් කර ගැනිමෙන් මෙම විද්‍යාලය ආරම්භ කරන ලදි. මොවුන් ගේ මුල් ගුරුතුමා වුයේ මාතර සිට පැමිණ්iයා යැයි සලකන සුභසිංහ නම් ගුරුවරයෙකි. වර්තමානයේ මාර්ටින් වික්‍රමසිංහ ශාලාව නමින් හදුන්වන ගොඩනැගිල්ල අද මෙන්ම එදවසද උළු සෙවිලි කරන ලද්දකි. මුල් කාලයේ එහි පංති දෙක තුනකට වඩා නොවුනා සේම ගුරුවරුන් ද දෙතුන් දෙනෙකු වඩා නොවිය.
ආසන්නයේ පිහිටි මහියංගන බෝධිරාජයාණන් අභියසදි සිදුකළ සිරිසඝබෝ කුමාරයාගේ නම් තැබිමේ ක්‍රියාවලිය සිහි ගන්වමින් ය. මහා විද්‍යාලයක් ලෙස ආරම්භය වු සංඝබෝධිය රාජ්‍ය අනුග්‍රාහය යටතේ ක්‍රමයෙන් භෞතික හා මානව සම්පත්වලින් සංවර්ධනය වි අවට ප්‍රදේශවල දු දරුවන් ගේ ආධ්‍යාපන අවශ්‍යතා ඉටු කරන ද්විතියික පාසලක් බවට පත්ව ඇත. වතමාන සිසු සංඛ්‍යාව 576හා ගුරුවරුන් 37කින් සමන්විත වේ.
ආරම්භය කුඩා වුවද වතමානය වනවිට මෙහි ගොඩනැගිලි සංඛ්‍යාව 10ක් පමණ වේ.
මේ අකාරයෙන් සුසැදි සංඝබෝධි විදු මෑණියන් ඇගේ සිප් කිරෙන්පෝෂණය ලැබ ගුණ නැණ බලෙන් සන්නද්ධව දේශ දේශාන්තරව සමාජ සේවාවන්හි නියැලෙන්න බොහෝය. ඒ අතර දේශපාලකයන්, මහාචාර්යවරුන් , ගණකාධිවරුන්, වෛද්‍යවරුන් හා විද්යාර්ථ්යින් ද පමණක් නොව කලාකරුවන් , ලේඛකයන් සේම රටේ එකිය භාවයට හා සුරක්ෂිතාවය වෙනුවෙන් දිවිදුන් දු පුතුන් රැසක් මේ පාසල් මැණියන් ලක්මැණිට දායාද කර ඇත.
විදුහල ගැන
විදුහල ගැන
මිණිපේ ගොවි ජනපද වියාපාරය කේන්ද්‍ර කොටගත් මිණිපේ ආධ්‍යාපන කොට්ඨාශයේ ජිවත් වන්නන් බහුතරයක් ගොවි ජනතාවයි. මෙහි සිංහල මාධ්‍ය පාසල් පමණක් පවතින අතර කොට්ඨාශයේ මුළු පාසල් සංඛායාව 24ක් වේ.
දිගු කාලින ඉතිහාසයකට හිමිකම් කියන මිණිපේ ආධ්‍යාපන කොට්ඨාශයේ පිහිටා ඇති මොරයාය නම් ග්‍රාමය ද එවැනිම ඉතිහාසයකට හිමිකම් කියන්නකි. වර්ශ 1938 ඉංග්‍රිසි පාලන සමයෙහි එච්.බී රඹුක්වැල්ල දිසාවේතුමා ගේ මගපෙන්විම යටතේ එවකට කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ඩී.ඇස් සේනානයක මැතිදුන් ගේ මුලිකත්වයෙන් ගොඩනැගුනු මිණිපේ ගොවි ජනපද වියාපාරයේ පළමු පියවරෙහි ආරම්භක ග්‍රාමයක් ලෙස මොරයාය හැදින්විය හැක.
හසලක - මහියංගන මාර්ගයේ පාලම්හංදියෙන් ඉදිරියට දිවෙන රන්දෙනිගල මාර්ගයේ කි.මි 4ක් පමණ දුර ගමන් කළ විට මොරයාය ගම් පියස දැකිය හැකිය. ගොවිතැනින් දිවිසරු කරගන්නා අවිහිංසක ගැමියන් ගේ පහස ලද මේ ගම් පියස මධ්යේහි සංඝබෝධි දිවිතියික පාසල පිහිටා තිබේ. එය අක්කර 09කට ආසන්න වු භුමි ප්‍රමාණයකින් සමන්විත වුවකි.
1949 දෙසැම්බර් 31 දින මෙම විදුහල ආරම්භ විය.
Subscribe to:
Posts (Atom)